ශ්‍රී ලංකාවට එන එංගලන්ත ක්‍රීඩකයින් වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වෙයි

Date:

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචිතයේ සියලු ක්‍රීඩකයින් කෝවිඩ් 19 රෝගයට අදාළ වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් හෙට(2) දිනයේ දී ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එංගලන්ත ක්‍රීඩකයින් සහ සහාය කාර්යය මණ්ඩල නිළධාරීන් පසුගිය 30 වනදා කොරෝනා වෛරසයට අදාළ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර තිබුණා.

එහිදී කිසිවෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී නැහැ.

දිවයිනට පැමිණිමෙන් පසුව ඔවුන් දින 10ක කාලයක් සදහා හම්බන්තොට දී ජෛව ආරක්ෂිත බුබුලකට එක්වනවා.

එම කාලය තුළ දී සියලු ක්‍රීඩකයින්ට පුහුණුවීම් කටයුතු සිදු කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

මෙම තරග සංචාරයේ දි දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

තරග දෙකම ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව ගාල්ලේ දී පැවැත්වෙන අතර, පළමු තරගය ලබන 14 වනදා ද, දෙවැනි තරගය ලබන 22 වනදා ද ආරම්භ වනු ඇති.

මෙම ටෙස්ට් තරගාවලිය පසුගිය වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය කල් දැමීමටයි පියවර ගැණුනේ.

England Men’s Test Squad : Joe Root (c), Moeen Ali , James Anderson , Jonathan Bairstow, Dom Bess, Stuart Broad, Jos Buttler , Zak Crawley , Sam Curran , Ben Foakes , Dan Lawrence, Jack Leach , Dom Sibley , Olly Stone , Chris Woakes , Mark Wood

Reserves : James Bracey , Mason Crane , Saqib Mahmood , Craig Overton , Matthew Parkinson, Ollie Robinson, Amar Virdi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...