උමේෂ් යාදෙව් යළි ඉන්දියාවට

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් සංචිතයේ සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදෙව් යළි ඉන්දියාව බලා පැමිණ තිබෙනවා.

ඒ, නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

එම ආබාධය නිසා ඔහුට තෙවැනි සහ සිව්වන ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බවටයි වෛද්‍ය පරීක්ෂණවලින් අණාවරණය වූයේ.

ඒ අනුව උමේෂ් යාදෙව් ඉන්දියාවට පැමිණ ඇති අතර, ඔහු ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී සිය ආබාධය සුව කර ගැනීම වෙනුවෙන් පුනරුත්තාපන කටයුතුවල නිරත වනු ඇති.

යාදෙව් වෙනුවට ටී.නටරාජන් ටෙස්ට් සංචිතයට එක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.

මීට පෙර මොහොමඩ් ෂාමි ද ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...