නටරාජන් ඉන්දීය ටෙස්ට් සංචිතයට

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සදහා වේග පන්දු යවන ක්‍රීඩක ටී.නටරාජන් ඉන්දීය සංචිතයට කැදවා තිබෙනවා.

ඒ, දෙවැනි තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ උමේෂ් යාදෙව් වෙනුවයි.

29 හැවිරිදි නටරාජන් ඔස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය මාසයේ දී එක්දින සහ 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත්තා.

කෙසේ වෙතත්, ඔහු මෙතෙක් කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නැහැ.

වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි ද ආබාධයකට ලක්වීම හේතුවෙන් මීට පෙර තරගාවලියෙන් ඉවත් කෙරුණා.

මේ අතර, ආබාධ තත්ත්වය සම්පූර්ණයෙන් සුව අතට පත්වීමෙන් අනතුරුව පසුගියදා ඕස්ට්‍රේලියාවට පැමිණි ඉන්දීය පිතිකරු රෝහිට් ෂර්මා මේ වන විට සිය නිරෝධායන කාලය ගත කර අවසන් කර තිබෙනවා.

ඒ අනුව ඔහුට තෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතිනවා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 7 වනදා සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...