වෑග්නර්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර්ට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධ තත්ත්වය හේතුවෙන්.

නෙයිල් වෑග්නර් පළමු ටෙස්ට් තරගයේ දී පන්දුවාර 49ක් යොමු කරමින් කඩුලු 4ක් දවා ගත් අතර, ඔහු ආබාධය සහිතව එලෙස දක්ෂතා දැක්වීම තරගයේ තීරණයට ද බෙහෙවින් බලපානු ලැබුවා.

එම තරගයෙන් නවසීලන්තය ලකුණු 101ක ජයක් වාර්තා කරමින් ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ද සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකික් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය එළඹෙන 3 වනදා ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...