පොලාඩ් ඇතුළු ප්‍රබලයින් 12ක් බංග්ලාදේශ තරගාවලියට බෑ කියයි

Date:

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කොරෝනා වසංගතය සහ පෞද්ගලික හේතූන් පදනම් කර ගනිමින් ප්‍රබල ක්‍රීඩකයින් 12 දෙනෙකු පමණ මෙම තරග සංචාරයෙන් ඉවත්ව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මෙම සංචාරයේ දී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් විසින් ද, එක්දින කණ්ඩායමේ නායකත්වය ජේසන් මොහොමඩ් විසින් ද දරනු ඇති.

ටෙස්ට් නිත්‍ය නායක ජේසන් හෝලඩර්, එක්දින නිත්‍ය නායක කිරන් පොලාඩ්, නිකලස් පූරාන්, ෂිම්රන් හෙට්මයර්, ඩැරන් බ්‍රාවෝ , ශම්රහ් බෘක්ස්, රොස්ටන් චේස්, ෂෙල්ඩන් කොට්‍රෙල්, එවින් ලුවිස්, ෂායි හෝප්, ෆේබියන් ඇලන් සහ ෂේන් ඩව්රිච් යන ක්‍රීඩකයින් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ අය අතර වනවා.

කොදෙව් ක්‍රීඩකයින් ලබන 10 වනදා වන විට බංග්ලාදේශයට පැමිණීමට නියමිත අතර, තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

Test Squad:

Kraigg Brathwaite (captain), Jermaine Blackwood (vice-captain), Nkrumah Bonner, John Campbell, Rahkeem Cornwall, Joshua Da Silva, Shannon Gabriel, Kavem Hodge, Alzarri Joseph, Kyle Mayers, Shayne Moseley, Veerasammy Permaul, Kemar Roach, Raymon Reifer, Jomel Warrican

ODI Squad:

Jason Mohammed (captain), Sunil Ambris (vice-captain), Nkrumah Bonner, Joshua Da Silva, Jahmar Hamilton, Chemar Holder, Akeal Hosein, Alzarri Joseph, Kyle Mayers, Andre McCarthy, Kjorn Ottley, Rovman Powell, Raymon Reifer, Romario Shepherd, Hayden Walsh jr

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...