“පිටසක්වල යානයක් දැකීම මගේ ජීවිතයේ අරමුණක්” – විරාට් කෝලි

Date:

කෙදිනක හෝ පිටසක්වල යානයක් දැකීමට තමා කැමැත්තෙන් පසුවන බව ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ආර්. අශ්වින් සමග ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සජීවී සංවාදයකට එක්වෙමින්.

එහිදී පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් විශ්වාස කරන්නේ දැයි ආර්. අශ්වින් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් කෝලි සදහන් කළේ පියාඹන පීරිසියක් දැකීම තම ජීවිතයේ තවත් එක් ඉලක්කයක් බවයි.

පිටසක්වල ජීවය ගැන තමා කුතුහලයෙන් පසු වන බවත්, යම් බලශක්තීන් සම්බන්ධයෙන් තමා විශ්වාස කරන බවත් ඔහු මෙහිදී සදහන් කර සිටියා.

“සමහර අවස්ථාවලදී ක්‍රීඩාංගනයේ දී ම මම එවැනි අත්දැකීම් ලබල තියෙනවා. මට යමක් සිදු වෙන්න අවශ්‍යනම් එය ඒ ආකාරයෙන්ම සිදු වෙනවා.”

යනුවෙන් විරාට් කෝලි කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...