චන්දිමාල් සහ ධනංජයගේ සටන්කාමී ඉනිම් හමුවේ ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(26) සෙන්චූරියන්හි සුපර්ස්පෝට් පාර්ක් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 340ක්.

ඉනිම ශක්තිමත් කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 85ක් රැස් කළේ හතරේ පහර 11ක් සමගින්.

පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනංජය ද සිල්වාට ලකුණු 79ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 11ක් ඇතුළත්ව තිබුණා.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 131ක්.

ඉනිම ආරම්භ කළ නායක දිමුත් කරුණාරත්න ලකුණු 22කටත්, කුසල් පෙරේරා ලකුණු 16කටත් දැවී ගියා.

අද දිනයේ දී සිය ටෙස්ට් දිවියේ ලකුණු 3000 සීමාව පසු කර ගිය කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුණු 12ක් පමණයි.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 49කට දැවී ගියා.

දික්වැල්ල සහ චන්දිමාල් අතර ද ලකුණු 99ක සබදතාවයක් ගොඩ නැගුණා.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් වනිදු හසරංග ලකුණු 18ක් ලබා ගත් අතර, දසුන් ශානක නොදැවී ලකුණු 25යි.

පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් වියාන් මුල්ඩර් කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...