ධනංජය ද සිල්වා ආබාධයකට ලක් වෙයි

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද(26) පාදයක ආබාධයකට ගොදුරු වුණා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හී දී අද ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණයේ නියැලෙමින් සිටි අවස්ථාවේදී අවාසනාවන්ත ලෙස ධනංජය ද සිල්වා මෙම ආබාධයට ලක් වුණේ ලකුණක් කරා දිව යමින් සිටියදීයි.

ඒ හේතුවෙන් ඔහුට ලකුණු 79ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වීමට ද සිදු වූ අතර, වාර්තා වන ආකාරයට ඔහුට මෙම තරගයේ දී යළි පිතිකරණයේ නිරත වීම සදහා ඇත්තේ ඉතා අවම අවස්ථාවක්.

ඔහු සමගින් අනෙක් අන්තයෙන් එක් වූ දිනේෂ් චන්දිමාල් සාර්ථක සබදතාවක් ගොඩනැගීමට සමත් වූ අතර ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් වී යන විට ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගී තිබූ සබදතාව ලකුණු 131 ක්.

එම සබදතාව වාර්තා අතරට එක් වුණේ සෙන්චූරියන්හි සුපර්ස්පොර්ට් පාර්ක් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් සදහා ගොඩනැගූ ඉහළම සබදතාවය ලෙසයි.

මීට පෙර කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එම වාර්තාවට උරුමකම් කියූ අතර ඔවුන් 2002 වසරේ මෙම ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයකදී තෙවැනි කඩුල්ල සදහා ලකුණු 119 ක සබදතාවක් ගොඩ නගා තිබුණා.

තවද ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු දකුණු අප්‍රිකාවට එරෙහිව සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ඉහළම ලකුණු සබදතාවය වන්නේ ද ධනංජය සහ චන්දිමාල් අද ගොඩු නැගූ මෙම සබදතාවයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...