විලියම්සන් ශතකය අභියස

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) මවුන්ට් මංගනුයිහී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්තය දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 222ක්.

නවසීලන්ත ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශහීන් ශාහ් අෆ්රිඩි ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ, ටොම් ලේතම් ලකුණු 4කට සහ ටොම් බ්ලන්ඩල් ලකුණු 5කට දවා ගනිමින්.

රෝස් ටේලර් ලකුණු 70ක් ලබා ගත් අතර, නොදැවී පන්දුවට පහර දෙන නායක කේන් විලියම්සන් ලකුණු 94ක් සහ හෙන්රි නිකල්ස් ලකුණු 42ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 55කට කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...