IPL ඉතිහාසයේ වේගවත්ම පන්දු යවන්නාගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්

Date:

මාස කිහිපයක දිගු නිහැඩියාව බිඳ දමමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීමක් අද (26) සිට නැවත ලබා ගැනීමේ අවස්ථා හිමි වනවා.

ඒ, ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වීමත් සමගයි.

තරග දෙකකින් යුත් තරගාලියේ පළමු තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට සෙන්චූරියන් හි සුපර්ස්පෝට් පාර්ක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර ආරම්භයේ දී ද දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත වූ අතර, එහිදී දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත වූයේ එරට දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු ආසියානු රට බවට පත් වෙමින්.

ඒ අනුව ධනාත්මක මානසිකත්වයකින් යුතුව අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙනු ඇති.

නායකත්වයේ සිට බොහෝ වෙනස්කම්වලට ලක්ව ඇති දකුණු අප්‍රිකා ටෙස්ට් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන අභියෝගය ද සුළු පටු නැහෑ.

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල වනු නිසැකය.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අද තරගය පිළිබද අදහස් දක්වමින් දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක Anrich Nortje ශ්‍රී ලංකා පිතිකරුවන්ට කෙටි පන්දු යොමු කිරීමේ සැලසුම පිළිබද පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

“කෙටි පන්දුවලට මුහුණ දීමට තරමක් අපහසු පිතිකරුවන්ට අනිවාර්යයෙන්ම කෙටි පන්දු වලට මුහුණ දෙන්න සිදුවේවි. කෙටි පන්දුවලට හොඳින් මුහුණ දෙන පිතිකරුවන්ට වැඩි වශයෙන් කෙටි පන්දුවලට මුහුණ දෙන්න සිදු නොවේවි.”

යනුවෙන් ඔහු සදහන් කළා.

Anrich Nortje යනු ඉතා වේගයෙන් පන්දු යොමු කළ හැකි පන්දු යවන්නෙකු වන අතර, ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පන්දු යවන්නෙකු යොමුකළ වේගවත්ම පන්දුව යොමුකිරීමට ගෞරවය හිමි වන්නේ ද ඔහුටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...