දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා තරගයේ දී ජාතිවාදයට එරෙහි වෙයි

Date:

ශ්‍රී ලංකාව සමග අද(26) ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ දී ජාති වාදයට එරෙහිව සහාය ලබා දීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කර තිබෙනවා.

පුහුණුකරු මාර්ක් බවුචර් මේ බව තහවුරු කරමින් සදහන් කර ඇත්තේ සංචිතයේ සියලු ක්‍රීඩකයින් ඒ සදහා එකගතාවයකට එළඹුණු බවයි.

ඒ අනුව බිම දණගසා ඔවුන් ජාති වාදයට එරෙහි තම මතය ප්‍රකාශ කරනු ඇති.

කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රිකට් තරග තාවකාලිකව අත්හිටුවීමෙන් පසුව යළි ජාත්‍යත්තර තරග පිටියට පසුගිය මාසයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම පිවිසීමේ දී ‍ජාති වාදයට එරෙහිව සහාය ලබා දීමට ඔවුන් කටයුතු කළේ නැහැ.

ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බව පවසමින් දකුණු අප්‍රිකා ක්‍රිකට් අතුරු කමිටුව නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකයි දකුණු අප්‍රිකාව මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...