රොබින් ජැක්මන් අභාවප්‍රාප්ත වෙයි

Date:

හිටපු එංගලන්ත සහ සරේ වේග පන්දු යවන්නෙකු සහ ප්‍රවීන විස්තර විචාරකයෙකු වූ රොබින් ජැක්මන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉන්දියාවේ උපත ලබා තිබූ ඔහු දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී දී මියයන විට ඔහු 75 වන වියේ පසු වුණා.

වයස අවුරුදු 35 දී ටෙස්ට් වරම් දිනා ගත් ජැක්මන් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 4කට සහ එක්දින 15කට ක්‍රීඩා කළා.

පළමුපෙල තරගවලදී ඔහු බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 1402ක්.

මේ අතර සරේ කණ්ඩායම වෙනුවෙන් ඔහු සමග දීර්ඝ කාලයක් එක්ව ක්‍රීඩා කළ ජෝන් එඩ්රිච් ද පසුගිය දා අභාවප්‍රාප්ත වී වුණා.

මියයන විට 83 වන වියේ පසු වූ ඔහු එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර තිබූ ටෙස්ට් තරග සංඛ්‍යාව 77ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...