එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවීමේ අවධානම මගහැරෙයි

Date:

එංගලන්තය තුළ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් ව්‍යාප්ත වීමත් සමග එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යළිත් අවධානමකට පත්ව තිබෙනවා.

නවතම තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය විශේඥයින්ගේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් බළධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය විශේෂඥයින් අතර මේ පිළිබද විශේෂ සාකච්ඡා ද පැවැත්වෙනවා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ මෙම තරග සංචාරය අත්හිටුවීමට අවශ්‍ය නොවනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය විශේෂඥයින් විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත්, අමතර සෞඛ්‍ය ආරක්ෂිත පියවර ගැනීමට කටයුතු සැලසුම් කරනු ඇති.

හෙට(23) සිට එංගලන්ත වාණිජ ගුවන් යානා මෙරටට ගොඩ බැස්සවීම ද මේ වන විට තහනම් කර තිබෙනවා.

එංගලන්ත කණ්ඩායම එළඹෙන 3 වනදා විශේෂ ගුවන් යානයකින් මෙරටට ළගා වීමට නියමිතයි.

අනතුරුව ඔවුන් දින තුනක කාලයක් නිරෝධායනයට ලක් වන අතර, අනතුරුව සිදු කරන වෛද්‍ය පරීක්ෂණවලින් ඔවුන් සමත්වුවහොත් පුහුණුවීම් කටයුතු සදහා අවසර හිමි වනවා.

තරග සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ලබන 14 වනදා ගාල්ලේ දී ආරම්භ වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...