නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ – පටෙල් වෙනුවට සැන්ට්නර්ට අවස්ථාව

Date:

පාකිස්තානය සමග ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

අජාස් පටෙල් මෙම සංචිතයට නම් කර නොමැති අතර, ඔහු වෙනුවට සංචිතයේ ප්‍රධාන දග පන්දු යවන්නාගේ ස්ථානය සදහා නම් කර ඇත්තේ මිචෙල් සැන්ට්නර්.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම සදහා මේ වන විට ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් වන්නේ නවසීලන්තයයි.

ඔවුන් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගතහොත් සහ ඉන්දියාව තවදුරටත් පරාජයන්ට ලක්වුවහොත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ඔස්ට්‍රේලියාව සමගින් සුදුසුකම් ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් නවසීලන්තයට හිමි වනු ඇති.

නවසීලන්ත – පාකිස්තාන පළමු ටෙස්ට් තරගය එළඹෙන 26 වනදා මවුන්ට් මංගනුයි හී දී ආරම්භ වීමට නියමිතයි.

New Zealand Squad:

  • Kane Williamson (c), Tom Blundell, Trent Boult, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Mitchell Santner, Tim Southee, Ross Taylor, Neil Wagner, BJ Watling (wk), Will Young

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...