රිස්වාන්ගේ සුපිරි ඉනිම හමුවේ නවසීලන්තය පසු බසියි

Date:

නවසීලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද(22) සමත් වුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 173ක් ලබා ගනිමින්.

ඩෙවෝන් කොන්වේ ලකුණු 63ක්, ටිම් සෙයිෆර්ට් ලකුණු 35ක් සහ ග්ලේන් පිලිප්ස් ලකුණු 31ක් රැස් කරමින් නවසීලන්ක ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ෆහීම් අශ්රෆ් ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් රිස්වාන් පන්දු 59කින් ලකුණු 89ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සිය ඉනිමට එක් කරමින්.

මොහොමඩ් හෆීස් ලකුණු 41(29)යි.

පන්දු යැවීමේ දී ටිම් සවුති සහ Scott Kuggeleijn කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස මොහොමඩ් රිස්වාන් ද, තරගාවලියේ වීරයා ලෙස ටිම් සෙයිෆර්ට් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...