“මේක තාවකාලිකවයි භාර ගත්තේ” – ඩී කොක්

Date:

තමා දකුණු අප්‍රිකා කණ්ඩායමේ දීර්ඝ කාලීන ටෙස්ට් නායකයා නොවන බව ක්වෙන්ටන් ඩී කොක් පවසනවා.

කෙසේ වෙතත්, නිත්‍ය නායකයෙකු තෝරා ගන්නා තුරු තමා එම වගකීම භාර ගන්නා බවයි ඔහු සදහන් කළේ.

මේ වන විට සීමිත පන්දුවාර තරගවලදී කණ්ඩායමේ නිත්‍ය නායකත්වය දරන ක්වෙන්ටන් ඩී කොක්ට ටෙස්ට් නායකත්වය ද ලබා දීමට අපේක්ෂා නොකරන බව මීට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රැහැම් ස්මිත් පවසා තිබුණා.

කෙසේ වෙතත්, පසුගියදා එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එළඹෙන තරග වාරයේ දී ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ද ඔහු කටයුතු කරන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරග දෙක, පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරග දෙක සහ ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරග තුන තුළ දී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඩී කොක් විසින් දරනු ඇති.

“ඇත්තටම මම එය එක් වරම භාර ගත්තේ නැහැ. මම ඒ ගැන හිතුවා සහ මම තේරුම් ගත්තා එය දැනට විතරක් කියලා. මේ තරග වාරයට පමණයි. එය දීර්ඝ කාලීන දෙයක් නෙවෙයි.” යනුවෙන් ඩී කොක් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...