ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලියට සුබ ආරංචියක්

Date:

ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයේ සියලු ක්‍රීඩකයින් කොරෝනා වෛරසයට අදාළ වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මේ වන විට ශ්‍රී ලංකා තරගාවලිය සදහා වන ජෛව ආරක්ෂිත බුබුලට ඇතුළු වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

දකුණු අප්‍රිකා සංචිතයේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෙරසය ආසාදනය වී ඇති බවට පසුගියදා අණාවරණය වීමත් සමගයි ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබුණේ.

ඒ අනුව අදාළ ක්‍රීඩකයින් දෙදෙනා තරගාවලියෙන් ඉවත් කිරීමටත්, තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු සංචිතයට ඇතුළත් කිරීමටත් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

එරට දේශීය තරග අතරතුර දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබූ අතර, ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා සංචිතයේ ක්‍රීඩකයින් 10 දෙනෙකු අදාළ තරග සදහා ක්‍රීඩා කර තිබුණා.

එබැවින් එළඹෙන ටෙස්ට් තරගාවලියට ඔවුන්ගේ සහභාගීත්වය ද පැවතුණේ අවිනිශ්චිත තත්ත්වයකයි.

කෙසේ වෙතත්, මේ වන විට තහවුරු වී ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා සංචිතයේ සියලු ක්‍රීඩකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි.

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා, එනම් බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස සෙන්චූරියන්හී දී ආරම්භ වනවා.

දෙවැනි ටෙස්ට් තරගය ලබන 3 වනදා ජොහැනස්බර්ග්හී දී ආරම්භ වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...