ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගය ගැන ඇෆ්ඝනිස්තානයෙන් නිවේදනයක්

Date:

මීට පෙර කල් දැමීමට කටයුතු කෙරුණු ඇෆ්ඝනිස්තාන – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන වසරේ නොවැම්බර් මාසයේ දී ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන බව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙම ටෙස්ට් තරගය මෙම වසරේ නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබූ නමුත්, එය පසුව කල් දැමීමට තීරණය කෙරුණේ ගෝලීය කොරෝනා වසංගතය හේතුවෙන්.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ අදාළ ටෙස්ට් තරගය ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීම සදහා දෙරටේ ක්‍රිකට් ආයතන අතර මේ වන විට එකගතාවයකට එළඹ ඇති බවයි.

කෙසේ වෙතත්, තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනයක් මෙතෙක් තීරණය කර නැහැ.

ඇෆ්ඝනිස්තානය 2017 වසරේ දී ටෙස්ට් වරම් දිනා ගත් අතර, මේ වන විට ඔවුන් ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කර ඉන් තරග දෙකක් ජය ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...