ක්‍රීඩකයින් හෙට සිට දින 12ක් වැඩ

Date:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 13 දෙනෙකු හෙට(1) සිට යළි පුහුණුවීම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔවුන් දින 12ක නේවාසික පුහුණු කදවුරකට එක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කොළඹ ක්‍රිකට් සමාජයේ දී මෙම පුහුණුවීම් කටයුතු සිදු කෙරෙන අතර, සම්පූර්ණ කාලය අවසන් වන තුරු ඔවුන් හෝටලයක නවාතැන් ගනු ඇති.

පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු ද මෙම පුහුණු කදවුර සදහා එක් වීමට නියමිතයි.

හෙට දිනයේ දී ක්‍රීඩකයින් හෝටලයේ සිටම අභ්‍යන්තර ශාරීරික යෝග්‍යතා පුහුණුවකට එක් වන අතර, ජූනි දෙවැනි දා සිට ඔවුන් ක්‍රීඩාංගනයේ සිට පුහුණු කටයුතු ආරම්භ කරන බව සදහන්.

රජය විසින් පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව මෙම පුහුණු කදවුර ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ උපදෙස් ප්‍රකාරව පුහුණු කටයුතු සිදු කෙරෙනු ඇති.

ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් ප්‍රවාහනය කිරීම සදහා විෂබීජහරණය කළ වාහන යොදා ගන්නා අතර, සෞඛ්‍ය බළධාරීන් විසින් මේ වන විටත් නවාතැන් ගන්නා හෝටලය සහ පුහුණු කටයුතු සිදු කරන ස්ථානය නිරීක්ෂණය කර ඇත්තේ අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශන ලබා දීම සදහායි.

මෙම දින 12ක කාලය තුළ කිසිදු ක්‍රීඩකයෙකුට පෞද්ගලික කටයුතු සදහා හෝටලයෙන් හෝ ක්‍රීඩාංගනයෙන් බැහැරට යා නොහැකි බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...