T 10 ලීග් තරගාවලියට තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

Date:

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන අබුඩාබි කණ්ඩායම විසින් එළඹෙන තරග වාරය වෙනුවෙන් සිය සංචිතයේ රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු ද එම කණ්ඩායම විසින් රදවා ගැනීමට තීරණය කර ඇති බව සදහන්.

ඔහුට අමතරව කණ්ඩායමේ රදවා ගෙන ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ ලුක් රයිට්, හේඩ්න් වොල්ෂ් සහ රොහාන් මුස්ටාෆා යන ක්‍රීඩකයින්.

මේ අතර, පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා (Icon Player) ලෙස ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා නම් කර තිබෙනවා.

පාකිස්තානයේ මොහොමඩ් අමීර් ද එම කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා ගිවිසුම් අත්සන් කර ඇති බව සදහන්.

ඉසුරු උදාන (බංග්ලා ටයිගර්ස් (Icon player), දසුන් ශානක (බංග්ලා ටයිගර්ස්) , භානුක රාජපක්ෂ (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්) සහ දුෂ්මන්ත චමීර (දිල්ලි බුල්ස්) යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද තරගාවලියට එක් වීමට නියමිතයි.

සිව්වන වරටත් පැවැත්වීමට නියමිත අබුඩාබි T 10 ලීග් තරගාවලිය ජනවාරි 28 වනදා ආරම්භ වන අතර, පෙබරවාරි 6 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

සියලු තරග අබුඩාබි ක්‍රීඩාංගයේ දී පැවැත්වෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...