“ඔහුව දෙවැනි තරගයෙන් ඉවත් කළ යුතුයි” – ගවස්කාර්

Date:

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(19) නිමාවට පත් වුණේ ඉන්දීය පිතිකරණ අංශය සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්.

ඒ, දෙවැනි ඉනිමේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 36කට දැවී යාමත් සමගයි.

යොවුන් ආරම්භක පිතිකරු ප්‍රිත්වි ෂෝගේ ස්ථානය සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකු ප්‍රශ්නයට නගන බවක් දක්නට ලැබෙනවා.

ඒ අතරට ඉන්දීය හිටපු නායකයෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර් ද ඇතුළත්.

ප්‍රිත්වි ශෝ ඉන්දීය පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී ගිය අතර, දෙවැනි ඉනිමේ දී රැස් කළේ ලකුණු 4ක් පමණයි.

ඒ අනුව ඔහුව දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කළ යුතු බවයි ගවස්කාර් සදහන් කර සිටියේ.

“ප්‍රිත්විගේ පිතිකරණයේ තාක්ෂණික ගැටලු කිහිපයක් තියෙනවා. ඊළග ටෙස්ට් තරගයෙන් ඔහුව ඉවත් කළ යුතුයි” යනුවෙන් සුනිල් ගවස්කාර් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...