“36/9 මම දැක්කේ ලකුණු 369ක් වගේ…මම ආයෙ නිදාගත්තා” – ෂොයිබ් අක්තාර්

Date:

ඕස්ට්‍රේලියා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 4 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ටෙස්ට් තරගය ඇඩීලේඩ් හී දී නිමා වුණේ ඉන්දිය කණ්ඩායමට පෙර අත්නොවිදි දරුණු පරාජයක වේදනාවක් අත් කර දෙමින්.

ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 36කට සීමා වීම මෙම පරාජයේ දරුණු බව ඉහළ නැංවීමට හේතු වූ බව නොරහසක්.

මෙය වාර්තා වූයේ ඉන්දිය ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ඉනිමක ඔවුන් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මේ පිළිබඳව ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයක් යොමුව ඇති අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ද ඉන්දියාවේ පරාජය පිළිබද විවිධ අදහස් දක්වා තිබෙනවා.

පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ශොයිබ් අක්තාර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබුණේ තමා අවදි වීමෙන් පසුව තරගය නැරඹූ අවස්ථාවේ දී ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 369ක් ලෙස දුටු බවයි.

තමාට එය විශ්වාස කළ නොහැකි වූ බවත්, පසුව දෑස් සෝදා යළි තරගය නරඹන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 36/9 ක් ලෙස දුටු බවත් ඔහු කියා සිටියා.

තමාට එය ද විශ්වාස කළ නොහැකි වූ බවත්, පසුව යළි නින්දට ගිය බවත් අක්තාර් සිය ට්විටර් පණිවිඩයෙන් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...