ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා සංචිතයේ දෙදෙනෙකුට කොරෝනා

Date:

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා නම් කෙරුණු දකුණු අප්‍රිකා සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව එම ක්‍රීඩකයින් දෙදෙනා හුදෙකලා කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන් ශ්‍රී ලංකා තරගාවලියට ද එක් නොවන බව සදහන්.

අදාළ ක්‍රීඩකයින් දෙදෙනාගේ නම් මෙතෙක් අණාවරණය කර නැහැ.

ඔවුන් කොරෝනා ආසාදිතයින් බවට හදුනා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා තරගාවලිය වෙනුවෙන් වන ජෛව ආරක්ෂිත බුබුලට ක්‍රීඩකයින් ඇතුළත් කිරීම වෙනුවෙන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකදීයි.

මීට පෙර එරට දේශීය පළමුපෙළ තරගයක් ද අතරමගදී අත්හිටුවීමට සිදු වූයේ තරගයට එක්ව සිටි ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බැවින්.

එම තරගය සදහා ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා සංචිතයට නම් කෙරුණු ක්‍රීඩකයින් 6 දෙනෙකු ද ක්‍රීඩා කර තිබුණා.

කොරෝනා අවධානම හේතුවෙන් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි වටයේ තරග ද කල් දැමීමටයි කටයුතු කෙරුණේ.

මේ අතර, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එනම්, Raynard van Tonder, Lutho Sipamla සහ Dwaine Pretorius යන ක්‍රීඩකයින්.

Proteas Test squad against Sri Lanka:

  • Quinton de Kock (c), Temba Bavuma , Aiden Markram, Faf du Plessis , Beuran Hendricks , Dean Elgar, Keshav Maharaj , Lungi Ngidi , Rassie van der Dussen , Sarel Erwee , Anrich Nortje , Glenton Stuurman , Wiaan Mulder , Keegan Petersen , Kyle Verreynne , Migael Pretorius , Dwaine Pretorius , Lutho Sipamla , Raynard van Tonder

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...