ඉන්දියාව ටෙස්ට් ඉතිහාසයේ සිය අවම ලකුණු සංඛ්‍යාවට දැවී ගිය හැටි

Date:

ඉන්දීය කණ්ඩායම අද ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දී ඉනිමකදී ඔවුන් ලබා ගත් අවම ලකුණු සංඛ්‍යාව වාර්තා කළා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග ඇඩිලේඩ්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී යි.

දිනය ආරම්භ කරන විට ඉන්දියාව එක් කඩුල්ලක් දැවි ලකුණු 9ක් ලබා සිටියා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 36කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

ඉන්දීය ඉනිමේ කඩුලු 9ක් පමණක් දැවී ගිය අතර, මොහොමඩ් ෂාමි පන්දුවක් අතක වැදීම හේතුවෙන් සිදු වූ ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වීමට තීරණය කළා.

ඉන්දීය කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

වැඩිම ලකුණු ලාභියා වූ මයාන්ක් අගාර්වල් ලකුණු 9ක් රැස් කළා.

මීට පෙර ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ඉනිමක වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව වූයේ එංගලන්තයට එරෙහිව 1974 වසරේ ලබා ගෙන තිබූ ලකුණු 42යි.

ඉන්දියාව අද වාර්තා කළ ලකුණු සංඛ්‍යාව ඉතිහාසගත වූයේ වසර 143ක ටෙස්ට් ඉතිහාසයේ දී කණ්ඩායමක් වාර්තා කළ 5 වැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව ද ලකුණු 36කට දැවී ගොස් තිබුණා.

ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ නවසීලන්ත කණ්ඩායම 1955 වසරේ දී එංගලන්තයට එරෙහිව ලබා ගත් ලකුණු 26යි.

ඉන්දියාවට එරෙහි දෙවැනි ඉනිමේ පන්දු යැවීමේ දී ජොෂ් හෙසල්වුඩ් ලකුණු 8කට කඩුලු 5ක් දවා ගත් අතර, පැට් කමින්ස් ලකුණු 21කට කඩුුලු 4ක් බිද හෙලුවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට තරගය ජය ගැනීම සදහා හිමිවූ ඉලක්කය ලකුණු 90ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...