කෝලිගේ දුවද්දී දැවී යාම හමුවේ ඔස්ට්‍රේලියාව යළි තරගයට අවතීර්ණ වෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

විරාට් කෝලි කාසියේ වාසිය දිනූ කිසිදු ටෙස්ට් තරගයක් ඉන්දියාව මෙතෙක් පරාජයට පත්ව නොතිබීම විශේෂත්වයක්.

ඔහු තරග 25කදී කාසියේ වාසිය දිනා ඉන් තරග 21ක් ජය ගෙන ඇති අතර, තරග 4ක් ජය පරාජයෙන් තොරව නිමා වුණා.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු ආරම්භක පන්දු යවන්නා වූ මිචෙල් ස්ටක් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ, ඔහු විසින් ප්‍රිත්වි ෂෝගේ කඩුල්ල තරගයේ දෙවැනි පන්දුවෙන්ම දවා ගනිමින්.

මයාන්ක් අගාර්වල් ලකුණු 17යි.

අනතුරුව චෙටස්වර් පුජාරා සහ විරාට් කෝලි අතරේ තෙවැනි කඩුල්ලට ලකුණු 68ක සබදතාවයක් ද, විරාට් කෝලි සහ අජින්කෙයා රහානේ අතරේ සිව්වන කඩුල්ලට ලකුණු 88ක සබදතාවයක් ද ගොඩ නැගුණා.

නායක කෝලි ලකුණු 74කට දුවද්දී දැවී ගිය අතර (දර්ශන පහතින්), පුජාරා ලකුණු 43ක් සහ රහානේ ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 2ක් දවා ගත් අතර, ජොෂ් හෙසල්වුඩ්, පැට් කමින්ස් සහ නේතන් ලියෝන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඒ අනුව පළමු දිනය නිමා වන විට ඉන්දියාව කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 233ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...