රෂීඩ් ඛාන් රැකගත් සුපිරි උඩ පන්දුව

Date:

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය 13 වනදා පැවතී හෝබාර්ට් හරීකේන් හා ඇඩිලේඩ් ස්‍ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර තරගයේදී ඇෆ්ඝනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් ලබාගත් විශිෂ්ඨ උඩ පන්දු රැකගැනීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ලකුණු 25(19) ක් ලබා සිටි හෝබාර්ට් හරිකේන් කණ්ඩායමේ කොලින් ඉන්ග්‍රෑම්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි ඔහු විසින් මෙම සුපිරි උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

ඒ, පීටර් සිඩ්ල් යොමු කළ ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී  යි.

රෂීඩ් ඛාන් එක් පාදයකින් ශරීරයේ සමබරතාව රැක ගනිමින් හතරේ සීමාව ස්පර්ශ වීම වලක්වා ගැනීමට දැක් වූ සාර්ථක උත්සාහය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

නමුත් එම තරගයේදී ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වීමටනම් රෂීඩ් ඛාන්ට අවස්ථාවක් ලැබුනේ නැහැ.

ඔහු යොමු කළ පන්දුවාර හතරට ලකුණු 38 ක් වාර්තා වූ අතර බිඳ හෙලීමට හැකියාව ලැබුණේ එක් කඩුල්ලක් පමණයි.

අදාළ උඩපන්දු රැක ගැනීම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...