කෝලිගේ කඩුල්ල වැඩිම වරක් දවා ගත් පන්දු යවන්නන් ගැන ඔබ දැන සිටියාද?

Date:

මේ වන විට ලොව දක්ෂතම පිතිකරුවන් කිහිප දෙනා අතරින් ද ඉදිරියෙන්ම සිටින පිතිකරුවෙකු ලෙස ඉන්දීය නායක විරාට් කෝලි හැදින්විය හැකියි.

ඔහුගේ සුපිරි පිතිකරණය හේතුවෙන්ම පන්දු යවන්නන් රැසක් දැඩි ලෙස අසරණ වූ අවස්ථා ඕනෑ තරම් තිබේ.

කෙසේ වෙතත්, ඒ අතර කෝලි දවා ගැනීම සදහා ද නිරතුරුවම පන්දුවෙන් දස්කම්පාන පන්දු යවන්නන් ද නැතුවාම නොවේ.

අන්තර්ජාතික තරගවලදී වැඩිම වාර ගණනක් කෝලිගේ කඩුල්ල දවා ගෙන ඇති පන්දු යවන්නන් කවුරුන්ද?

මේ, ඒ පිළිබද විමසා බැලීමක්.

එම දක්ෂතාවය වැඩිම අවස්ථාවකදී දක්වා ඇත්තේ නවසීලන්තයේ ටිම් සවුති.

ඔහු තරග 31කදී විරාට් කෝලි දවා ගෙන ඇති වාර ගණන 10ක්.

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් මෙහි දෙවැනි ස්ථානයේ පසුවනවා.

ඒ, තරග 29කදී කෝලිගේ කඩුල්ල 8 වතාවක් දවා ගනිමින්.

එමෙන්ම එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක ග්‍රෑම් ස්වාන් ද විරාට් කෝලිගේ කඩුල්ල 8 වරක් දවා ගෙන ඇත්තේ තරග 16කදීයි.

දකුණු අප්‍රිකාවේ මෝර්නි මෝකල්, ඔස්ට්‍රේලියාවේ නෙදන් ලියෝන්, ඇඩම් සම්පා, කොදෙව් දේශයේ රවී රාම්පෝල්  අවස්ථා 7කදීද මේ සුපිරි පිතිකරුවා දවා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...