එංගලන්ත තරග සංචාරයට කොදෙව් ක්‍රිකට් ආයතනයේ අනුමැතිය

Date:

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ප්‍රතිපත්තිමය වශයෙන් සිය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ, කොදෙව් ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැවැති රැස්වීමකින් අනතුරුවයි.

ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වෛද්‍ය අංශ සහ ක්‍රිකට් නියෝජිතයින් සමග මෙන්ම එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග පැවැති දීර්ඝ සාකච්ඡාවලින් පසුව මෙම අනුමැතිය ලබා දී ඇති බව සදහන්.

කෙසේ වෙතත්, කැරිබියානු ජාතික ආණ්ඩුවල අනුමැතිය ද තරගාවලියේ ඉදිරි කටයුතු සැලසුම් කිරීම සදහා අවශ්‍ය වනු ඇති.

සංචාරක පහසුකම් සලසා ගැනීම සදහා මෙන්ම සංචාරයට එක්වන සියලු දෙනා සදහා වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙන් එම ආණ්ඩුවල අනුමැතිය අවශ්‍ය වනවා.

මෙම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එය ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියට එක් වන කොදෙව් කණ්ඩායම ජූනි 9 වනදා පමණ වන විට එංගලන්තයට ළගා වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...