මාස 11කට පසු ක්‍රීඩකයින්ට ලැබෙන ලෝක කුසලාන ප්‍රසාද දීමනා මෙන්න

Date:

පසුගිය වසරේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග ජයග්‍රහනයන් වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට හිමි විය යුතු ප්‍රසාද දීමනා ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ලෝක කුසලානය අවසන් වී මාස 11කට පමණ පසුවයි.

එක් ජයග්‍රහනයක් වෙනුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් කණ්ඩායමකට අමෙරිකානු ඩොලර් 40,000ක මුදලක් පිරිනැමීමට නියමිතව තිබූ අතර, ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියේ දී ලැබූ ජයග්‍රහන 3 වෙනුවෙන් ලැබිය යුතු ප්‍රසාද දීමනාව ඩොලර් 1,20,000.

මෙම මුදල් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර වීමෙන් පසුව දින 14ක් තුළ ක්‍රීඩකයින් වෙත ලබා දිය යුතු වුවත්, මෙතෙක් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් සුබසාධක සංගමයේ සහ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ      (International Federation of Cricketers) මැදිහත් වීමෙන් පසුව අදාළ මුදල් ක්‍රීඩකයින්ට ලබා දීමටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...