නායක බබාර් අසාම්ට 20යි 20 තරගාවලිය අහිමි වෙයි

Date:

නවසීලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පාකිස්තාන නායක බබාර් අසාම්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු අතෙහි සිදු වූ ආබාධයක් හේතුවෙන්.

පුහුණුවීම් අතරතුර දී බබාර් අසාම් මෙම ආබාධයට ගොදුරු වී ඇති බව සදහන්.

ඒ අනුව ඔහුට දින 12ක කාලයක් විවේක ගැනීම සදහායි වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ.

බබාර් අසාම් 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන බැවින් එම තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උප නායක ශඩාබ් ඛාන්ට පැවරෙනු ඇති.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 18 වනදා ඔක්ලන්ඩ් හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...