ආබාධ හමුවේ ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට වෙනසක්

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඔස්ට්‍රේලියානු නවක ක්‍රිකට් ක්‍රීඩක විල් පුකොව්ස්කිට අහිමි වී තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියානු A කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පසුගියදා පැවැති පළමු පුහුණු තරගයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් ඔහු මුහුණ දුන් අනතුර හේතුවෙන්.

ඒ අනුව මර්කස් හැරිස් ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට ආදේශ කර ඇති බව සදහන්.

ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ද ආබාධයකට ලක්වීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 17 වනදා ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...