ෂර්මාට ඔස්ට්‍රේලියාවට යෑමට අවසර

Date:

ඉන්දීය පිතිකරු රෝහිට් ෂර්මා එළඹෙන ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යාතවයකින් පසුවන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අද(12) නිවේදනය කළා.

ඒ, සිය පාදයේ ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා සති තුනක පමණ කාලයක් ඔහු බැංගලෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියේ සිදු කළ පුනරුත්තාපන කටයුතුවලින් අනතුරුවයි.

කෙසේ වෙතත්, ඔහුට පළමු ටෙස්ට් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන්නේ ඕස්ට්‍රේලියාවට පැමිණිමෙන් පසුව රෝහිට් ෂර්මාට දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වීමට සිදු වීම හේතුවෙන්.

ඔහු හෙට(13) දිනයේ දී මුම්බායි නුවරින් ඔස්ට්‍රේලියාව බලා පිටව යාමට නියමිත බව සදහන්.

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී යි රෝහිට් ෂර්මා මෙම ආබාධ තත්ත්වයට ගොදුරු වුණේ.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 17 වනදා ඇඩිලේඩ් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...