මහනුවර තරගාවලියෙන් ඉවතට – ගාල්ල අවසන් පූර්ව වටයට

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.

ඒ, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව මෙවර තරගාවලියේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ගාලු කණ්ඩායමට වඩා පිටුපසින් රැදී සිටි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

ගාලු කණ්ඩායම හැරුණු විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති සෙසු කණ්ඩායම් වන්නේ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් යන කණ්ඩායම්.

හම්බන්තොට අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

සියලු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 42කින් ලකුණු 68ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමගින්.

පන්දු යැවීමේ දී මොහොමඩ් අමීර් ලකුණු 11කට කඩුලු 2ක් බිද හෙලූ අතර, නුවන් තුෂාර, ධනංජය ලක්ෂාන් සහ සහන් ආරච්චිගේ ද කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගාවලිය පුරාවට ලකුණු අතරේ රැදී සිටින ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 94ක් රැස් කළේ පන්දු 66කට මුහුණ දෙමින්

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 12ක් ඇතුළත්.

ධනුෂ්ක සහ හස්රතුල්ලාහ් සසායි අතරේ පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 101ක්.

සසායි ලකුණු 20කට දැවී ගියා.

පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා ලකුණු 30කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙට(11) කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

නවතම ප්‍රසාද ලකුණු සටහන සහ කැන්ඩි ටස්කර්ස් ඉනිමේ විශේෂ අවස්ථා පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...