පන්දු රැකීමේ දුර්වලතා හමුවේ ගාලු කණ්ඩායම දැඩි අවධානමකට ඇද වැටෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවන් තවදුරටත් අවධානම් තත්ත්වයකට පත් කර ගනිමින් මෙවර තරගාවලියේ 17 වන තරගයෙන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක පරාජයක් අත්කර ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සිදු වුණා.

තරගයේ අවසන් පන්දුවාර පහ තුළ දී දැක් වූ දුර්වල පන්දු රැකීම ඔවුන්ගේ මෙම පරාජයට දැඩි ලෙස බලපෑවා.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටනම් අද(10) කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජය ගැනීම අනිවාර්ය වනවා.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ද මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිමේ අවස්ථාව තවදුරටත් පවතින අතර, අද තරගයෙන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ජය ගතහොත් ඔවුන් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කර ගනු ඇති.

දඹුල්ල වයිකින්ග්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ කලම්බු කිංග්ස් යන කණ්ඩායම් මේ වන විටත් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා අවසන්.

ඊයේ(9) රාත්‍රියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා.

ඉනිමට සුපුරුදු වේගවත් ආරම්භය ලබා දුන් ධනුෂ්ක ගුණතිලක පන්දු 31කින් ලකුණු 46ක් රැස් කළේ හතරේ පහර 8ක් සමගින්.

ශෙහාන් ජයසූරිය ලකුණු 39ක් සහ නායක භානුක රාජපක්ෂ ලකුණු 31ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත, රමේෂ් මෙන්ඩිස් සහ දසුන් ශානක කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 45ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 38ක් රැස් කළා.

දඹුල්ලට ජය ගෙන ආ එස්. ශින්වාරි පන්දු 20කින් නොදැවී ලකුණු 46ක් ලබා ගනිමින් තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

කෙසේ වෙතත්, ඔහු ලබා දුන් උඩ පන්දු දෙකක් ගාලු පන්දු රකින්නන් අතින් ගිලිහී යාම තරගයේ ජය දඹුල්ලට හිමි වීමට ප්‍රධාන හේතුවක් බවට පත් වුණා.

පන්දු යැවිමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු 33කට කඩුලු 2ක් දවා ගත් අතර, ඔහුට කඩුලු 3ක් දවා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේ ශින්වාරි ලබා දුන් උඩ පන්දුවක් ධනුෂ්ක ගුණතිලක අතින් ගිලිහී යාම හේතුවෙන්.

මෙම ජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමත් වුණේ ප්‍රසාද ලකුණු 11ක් හිමි කර ගනිමින්.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...