“තරගයට පෙර අපි කෝපි බීවෙත් එකට” – ධනුෂ්ක සමග ගැටුම ගැන ඇන්ජෙලෝ කියපු කතාව

Date:

ක්‍රිකට් පිටියේ උණුසුම් වචන හුවමාරු වීම් සහ සුළු සුළු ගැටුම්කාරී වාතාවරණයන් ඉදහිට අපට දැක ගත හැකි වනවා.

දේශීය තරගවලදී මෙන්ම ජාත්‍යන්තර තරගවලදී ද එවැනි සිදුවීම් අප ඕනෑ තරම් දැක තිබෙනවා.

මෙවැනි උණුසුම් වචන හුවමාරුවක් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 17 වන තරගයේ දී ඊයේ(9) අපට දැක ගත හැකි වුණා.

එහිදී මෙම සුළු ගැටුම හටගත්තේ ගෝල් ග්ලැඩයේටර්ස් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ ඇන්ජෙලෝ පෙරේරා අතරයි.

ගාලු ඉනිම අතුරතුර දී ඔවුන් දෙදෙනා අතර පළමුව මෙම උණුසුම් වචන හුවමාරුව සිදු වුණා.

ධනුෂ්ක ගුණතිලක දැවී යාමෙන් පසුව ඇන්ජෙලෝ පෙරේරා එය සමරනු ලැබුවේ තරමක් ආවේගශීලී අයුරින්.

අනතුරුව දඹුල්ල ඉනිමේ දී ඇන්ජෙලෝ පෙරේරා දැවී යාමෙන් පසුව ධනුෂ්ක ගුණතිලක විසින් ද එය සමරනු ලැබුවේ තරමක් විශේෂීත වූ ආකාරයකටයි.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව විවිධ මත දරන අතරතුර ඊට ප්‍රතිචාර දැක් වීමට ධනුෂ්ක ගුණතිලක සහ ඇන්ජෙලෝ පෙරේරා මේ වන විට කටයුතු කර තිබෙනවා.

ඒ, දෙදෙනාම එක්ව සමාජජාලා මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින්.

එහිදී ඔවුන් දෙදෙනා සදහන් කළේ අදාළ සිදුවීම හුදෙක් විනෝදය සදහා පමණක් වූ සිදුවීමක් බවයි.

තමන් දෙදෙනා වසර 12ක කාලයක සිට හොද මිතුරන් බවත්, මෙවර තරගාවලියේ දී කෑම බීම පවා ගනු ලැබුවේ එකට බවත් මෙම වීඩියෝවේ දී සදහන් කෙරුණා. (එහි දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...