අසේලගේ අර්ධ ශතකය මහනුවර බලාපොරොත්තු ඉහළ නංවයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවා ගැනීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අද(9) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 16 වන තරගයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

එය ඔවුන් මෙවර තරග වාරයේ දී ලැබූ දෙවන ජය වන අතර, එම ජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ යළි සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් මෙවර තරගාවලියේ ක්‍රීඩා කරන මූලික වටයේ අවසන් තරගය හෙට(10) ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අතර, තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම එම තරගයේ දී තීරණය වනු ඇති.

අද තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ සියලු දෙනා දැවී ලකුණු 150ක් ලබා ගනිමින්.

ෂොයිබ් මලික් පන්දු 44කින් ලකුණු 59ක් රැස් කළ අතර, මිනෝද් භානුක ලකුණු 21ක් සහ චරිත් අසලංක ලකුණු 18ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් කඩුලු 3ක් බිද හෙලූ අතර, සිය පළමු එල්.පී.එල් තරගයට ක්‍රීඩා කළ ඩේල් ස්ටේන් ලකුණු 33කට කඩුලු 2ක් දවා ගත්තා.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේ දී පන්දු යැවීම ආරම්භ කළේ ද ඩේල් ස්ටේන් වන අතර,  ඔහු පළමු පන්දුවාරයේ දෙවන පන්දුවේ දීම අවිශ්ක ප්‍රනාන්දුව යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වුණා.

එමෙන්ම මෙවර තරගාවලියේ දී තුන් ඉරියව්වෙන් සුවිශේෂි දක්ෂතා දැක් වූ වනිඳු හසරංගගේ කඩුල්ල ද ඔහු විසින් දවා ගැනීම ජැෆ්නා ස්ටැලියන්ස් ඉනිම අඩපන වීමට හේතු වුණා.

ඩේල් ස්ටේන්ට අමතරව විශ්ව ප්‍රනාන්දු සහ අසේල ගුණරත්න ද කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක කුසල් ජනිත් ලකුණු 42ක් රැස් කළ අතර, කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය අසේල ගුණරත්න නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා.

ඉර්ෆාන් පතාන් නොදැවී ලකුණු 25යි.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 23කට කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ අසේල ගුණරත්න.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...