LPL පිටියේ දී ඩේල් ස්ටේන්ගෙන් අලුත් සැමරුමක්

Date:

දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයට අද(9) ක්‍රීඩා කළා.

පසුගිය 30 වනදා දිවයිනට පැමිණි ඔහුට නිරෝධායන කාලසීමාවකට යටත්වීමට සිදු වීම හේතුවෙනුයි මෙතෙක් පැවැති තරග සදහා ක්‍රීඩා  කිරීමට නොහැකි වුණේ.

අද පැවැති තරගයේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව ඩේල් ස්ටේන් ඉතා සාර්ථක පන්දු යැවීමක ද නිරත වුණා.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේ දී පන්දු යැවීම ආරම්භ කළ ඔහු පළමු පන්දුවාරයේ දෙවන පන්දුවේ දීම අවිශ්ක ප්‍රනාන්දුව යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වුණේ කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් ලබාදීමට සලස්වමින්.

තවත් වටිනා කඩුල්ලක් එම ඉනිමේ 15 වැනි පන්දුවාරයේදී ද දවා ගැනීමට ඔහු සමත්වුණා.

ඒ, මෙවර තරගාවලියේ දී තුන් ඉරියව්වෙන් සුවිශේෂි දක්ෂතා දැක් වූ වනිඳු හසරංගගේ කඩුල්ලයි.

එම කඩුලු දෙකම දවා ගැනීමෙන් පසුව මින් පෙර ඔහුගෙන් නොදුටු සැමරුමක් අද දිනයේ දී ඩේල් ස්ටේන්ගෙන් දැකගත හැකි වීම විශේෂත්වයක්.

ඩේල් ස්ටේන් දවා ගත් මංගල එල්.පී.එල් කඩුල්ල සහ නව සැමරුම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...