එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

Date:

කල් දැමීමට සිදු වූ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන මාසයේ දි (ජනවාරි) පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(9) තහවුරු කළා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලබන 3 වනදා දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔවුන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මෙරටට පැමිණෙන බව සදහන්.

දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව පළමු තරගය ජනවාරි 14 වනදා ද, දෙවැනි තරගය ජනවාරි 22 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටයට ද අයත් වන අතර, එය පසුගිය මාර්තු මාසයේ දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමීමට කටයුතු කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...