වසර 15කට පසු පීටර් සිඩ්ල් වික්ටෝරියාව හැර යයි

Date:

ඔස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩක පීටර් සිඩ්ල් තස්මේනියා කණ්ඩායම සමග වසර දෙකක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ඒ, වික්ටෝරියා කණ්ඩායම සමග සිය දීර්ඝ කාලීන ගිවිසුමට විරාමයක් තබමින්.

35 හැවිරිදි පීටර් සිඩ්ල් පසුගිය දෙසැම්බර් මාසයේ දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමු දුන් අතර, පසුව ඔහු මෙම වසරේ දී එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් එංගලන්ත ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔහුගේ ගිවිසුම ලබන වසර දක්වා කල් දැමීමට එකගතාවයකට පැමිණි බවයි එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම මීට පෙර නිවේදනය කළේ.

පීටර් සිඩ්ල් පසුගිය ඔස්ට්‍රේලියානු දේශීය තරග වාරයේ දී (Sheffield Shield) වික්ටෝරියා කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වූ අතර, එම තරග වාරයේ වැඩිම කඩුලු ලාභීන් අතර ඔහු සිව්වන ස්ථානය ද හිමි කර ගත්තා.

තස්මේනියා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ ජෝර්ජ් බේලි, ජාතික තේරීම් කමිටුවට සම්බන්ධ වීමේ අරමුණින් මෙම වසර මුලදී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමත් සමග පීටර් සිඩ්ල්ගේ පැමිණීම තස්මේනියා කණ්ඩායමට ශක්තියක් වනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

පීටර් සිඩ්ල් පළමු වරට වික්ටෝරියා කණ්ඩායමට ක්‍රීඩා කර තිබුණේ 2005 වසරේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...