එංගලන්ත තරග වාරය යළි කල් දැමේ

Date:

මෙවර දේශීය තරග වාරය ලබන අගෝස්තු පළමු වැනිදා දක්වා අත්හිටුවීමට එංගලන්ත සහ වෙල්ස් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

දේශීය තරග වාරය අප්‍රේල් 12 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, එය පසුව මැයි 28 වනදා දක්වාත්, අනතුරුව ජූලි පළමු වැනිදා දක්වාත් කල් දැමීමට සිදු වූයේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

කෙසේ වෙතත්, එංගලන්ත කණ්ඩායම ජූලි 8 වනදා සිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් සදහා එංගලන්තයේ දී ම ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මෙලෙස අගෝස්තු පළමු වැනිදා දක්වා දේශීය තරග පිටිය අත්හිටුවීම හේතුවෙන් එරට සිව්දින ක්‍රිකට් තරගාවලියේ (County Championship) තරග වට 10ක් පමණ අහිමි වනු ඇති.

මෙම වසරේ දී සංවිධාන කිරීමට සූදානම් කර තිබූ පන්දු සියයේ ක්‍රිකට් තරගාවලිය ද ලබන වසර දක්වා කල් දැමීමට මීට පෙර එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...