අවුරුදු 17න් ජාත්‍යන්තරයට ආ ඉන්දීය කඩුලු රකින්නා ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩකයෙකු වූ පාර්තිව් පටෙල් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

35 හැවිරිදි ඔහු ටෙස්ට් තරග 25කදී, එක්දින තරග 38කදී සහ 20යි 20 තරග 2කදී ඉන්දියාව නියෝජනය කළා.

2002 වසරේ දී ඔහු ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 17 හැවිරිදි ක්‍රීඩකයෙකු ලෙසයි.

ඒ, එංගලන්තයට එරෙහිව නොටින්හැම්හි පැවැති ටෙස්ට් තරගයක් සදහායි.

පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී යන ඔහු දෙවැනි ඉනිමේ දී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 19ක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග පිටියේ දී කණ්ඩායම් 6ක් නියෝජනය කළ පටෙල් එහිදී තරග 139ක් ක්‍රීඩා කරමින් ලබා ගෙන ඇති අර්ධ ශතක සංඛ්‍යාව 13ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...