ගාල්ල පළමු ජය ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉදිරියට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 14 වන තරගයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ සියලු දෙනා දැවී ලකුණු 171ක් ලබා ගනිමින්.

කොළඹ ඉනිම ශක්තිමත් කළ Daniel Bell-Drummond ලකුණු 44ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 35යි.

වේගවත් ඉනිම් ක්‍රියාත්මක කළ තික්ෂිල ද සිල්වා ලකුණු 27ක් සහ ඉසුරු උදාන ලකුණු 21ක් රැස් කළා.

ගාලු කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් අමීර් ලකුණු 26කට කඩුලු 5ක් දවා ගත් අතර, ලක්ෂාන් සදකැන් කඩුලු 3ක් බිද හෙලුවා.

ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාර මෙම තරගයේ දී ගාලු කණ්ඩායම වෙනුවෙන් එල්.පී.එල් වරම් දිනා ගත් අතර, ඔහු ඉතා හොද පන්දු යැවීමක් මෙම තරගයේ දී පෙන්නුම් කළා.

කෙසේ වෙතත්, ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 31ක් ලබා දුන් නමුත් කඩුල්ලක් දවා ගැනීමට වාසනාවන්ත වූයේ නැහැ.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 17.3ක් අවසානයේ දී යි.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් ධනුෂ්ක ගුණතිලක සහ අහ්සාන් අලී ලකුණු 97ක සබදතාවයක් පළමු කඩුල්ලට ගොඩ නැගූ අතර, ධනුෂ්ක ලකුණු 38කටත්, අලී ලකුණු 56කටත් දැවී ගියා.

නායක භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 37ක් සහ අසාම් ඛාන් නොදැවී ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු දෙක බිද හෙලීමට කායිස් අහ්මඩ් සහ ධම්මික ප්‍රසාද සමත් වුණා.

මේ වන විට ගාලු කණ්ඩායම මෙතෙක් සහභාගී වූ තරග 6න් තරග 5ක්ම පරාජයට පත්ව ඇති අතර, ජය ගැනීමට සමත් වුණේ අද තරගය පමණයි.

කෙසේ වෙතත්, අද ලැබූ ජයත් සමගින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් වුණා.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ද තමන් ක්‍රීඩා කළ තරග 6න් තරග 5ක් පරාජයට පත් වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...