15 වන තරගය අතහැර දමයි – නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා.

තරගය පැවැත්වුණේ ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම් අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දඹුල්ල කණ්ඩායමට ලබා දුන් අතර, දඹුලු ඉනිමේ 7 වන පන්දුවාරය අවසන් වන විට තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.

ඒ අනුව තරගය තාවකාලිකව නතර කිරීමට පියවර ගැණුනු නමුත් පසුව යළි තරගය ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

තරගය නතර කරන විට දඹුල්ල කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 42ක්.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 28ක් ලබා සිටියා.

ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමි වූ අතර, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට ද ඒ ඔස්සේ සමත් වුණා.

දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා යළි ඉදිරියට පැමිණීමට ද සමත්ව තිබෙනවා.

මේ වන විට තරගාවලියට එක්ව සිටින සියලු කණ්ඩායම් තරග 6 බැගින් ක්‍රීඩා කර තිබෙනවා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...