කෝලි සහ මෙන්ඩිස් එල්ල කළ ඩිවිලියස්ගේ ස්කූප් පහර

Date:

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ඊයේ (06) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායම ලබාදුන් ලකුණු 195ක ඉල්ලකය හඹා යන අවස්ථාවේදී ඉන්දීය නායක විරාට් කෝලි විසින් එල්ල කරන ලද හයේ පහරක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය මේ වන විට යොමුව තිබෙනවා.

ඇන්ඩෘ ටයි යොමු කළ ඉනිමේ 15 වන පන්දුවාරයේ සිව්වන පන්දුවටයි ඔහු මෙම අලංකාර පහර එල්ල කළේ.

එහි විශේෂත්වය වූයේ ෆයින් ලෙග් දෙසින් ඉතාමත් අලංකාර ස්කූප් පහරකින් කෝලි මෙම හයේ පහර එල්ල කිරීමයි.

සාමාන්‍යයෙන් විරාට් කෝලිගෙන් මෙවැනි පහරක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් වන බැවින් බොහෝ දෙනෙකුගේ අවධානය ඊට මේ වන විට යොමුව තිබෙනවා.

දණහිස නමා පිට ඉන්න දෙසට නැඹුරුව එල්ල කළ මෙම හයේ පහර සුපිරි පිතිකරූ ඒ.බී. ඩි විලියර්ස් විසින් එල්ල කරන සූකූප් පහරට බොහෝ සෙයින් සමානයි.

මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් හා ජැෆ්නා ස්ටැලින්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස් විසින් ද විරාට් කෝලී ඊයේ එල්ල කළ පහරට සමාන අලංකාර ස්කූප් පහරකින් ලකුණු 6 ක් වාර්තා කිරීමට සමත්ව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...