රහස්‍යභාවය බිද වැටීමෙන් අයි සී සී රැස්වීම අර්බුදයක – ලෝක කුසලානය ගැන තීන්දුවත් කල් දැමේ

Date:

මෙම වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය යළි ලබන 10 වනදා රැස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශශාන්ක් මනෝහාර්ගේ ප්‍රධානත්වයෙන් අද(28) පැවැති අයි.සී.සී රැස්වීමේ දී යි.

ලෝක කුසලාන තරගාවලිය, අයි.සී.සී නව සභාපතිවරයා පත් කර ගැනීම ඇතුළු කරුණු පිළිබද අද දිනයේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණ ද පසුව එය රහස්‍යභාවය පිළිබද ඇති වූ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් බවට පත් වූ බව සදහන්.

ඒ අනුව න්‍යාය පත්‍රයේ සියලු කාරණා සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ජූනි 10 වනදාට කල් දමා තිබෙනවා.

අයි.සී.සී යේ ක්‍රියාකාරීත්වයේ රහස්‍යභාවය බිද වැටී ඇති බව සාමාජිකයින් රැසක් පෙන්වා දී ඇති බව සදහන්.

ඒ අනුව අයි.සී.සී ආචාර ධර්ම නිළධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය අද පැවැති රැස්වීමේ දී තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...