ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය ගැන සාකච්ඡා යළිත් – අපේක්ෂිත දිනවකවානු මෙන්න

Date:

දෙවරක් කල් දැමුණු ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් වන සාකච්ඡා දෙරටේ ක්‍රිකට් ආයතන අතර මේ වන විට යළි ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර තරග 3කින් යුත් අදාළ ටෙස්ට් තරගාවලිය පසුගිය ජූලි මාසයේ දි පැවැත්වීමට පළමුව නියමිතව තිබූ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.

අනතුරුව පසුගිය ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවලදී තරගාවලිය පැවැත්වීමට සැලසුම් කළ ද එය ද තාවකාලිකව අවලංගු කිරීමට සිදු වූයේ මෙරටට පැමිණීමේ දී බංග්ලාදේශ ක්‍රීඩකයින්ට මුහුණ දීමට සිදු වන දින 14ක නිරෝධායන කාලයට ඔවුන් එකග නොවීම හේතුවෙන්.

එංගලන්ත කණ්ඩායම ද ජනවාරි මාසයේ දී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, එහිදී ලිහිල් නිරෝධායන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම ක්‍රියාවළියම බංග්ලාදේශ ක්‍රීඩකයින් වෙනුවෙන් ද අවශ්‍ය බවටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත්තේ.

වාර්තාවන අන්දමට එංගලන්ත කණ්ඩායම ජනවාරි 3 වනදා දිවයිනට පැමිණීමට නියමිත අතර, පළමු ටෙස්ට් තරගය ඉන් දින 11කට පසුව එනම් ජනවාරි 14 වනදා ආරම්භ වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරගාවලි ද්විත්වයම ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...