එංගලන්ත – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ ආරම්භයට මොකද වුණේ

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පර්ල්හි පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය අද(6) දිනයේ දී ද අවලංගු කෙරුණා.

ඒ, එංගලන්ත සංචිතයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට “තහවුරු නොකළ” හදුනා ගැනීමක් හේතුවෙන්.

ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල නිළධාරීන් ස්වයං නිරෝධායනයට මේ වන විට ලක් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ද මේ වන විට පවතින්නේ අවිනිශ්චිත බවක්.

පළමු එක්දින තරගය පසුගිය සිකුරාදා කේප් ටවුන් හී දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කාසියේ වාසිය උරගා බැලීමට පැයකටත් අඩු කාලයකදී තරගය අද දින දක්වා කල් දැමීමට තීරණය කළ බව නිවේදනය කෙරුණා.

ඒ, දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා එක්දින සංචිතයේ සියලු ක්‍රීඩකයින් කොරෝනා වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වී ඇති බව ඊයේ නිවේදනය කෙරුණු අතර, අද දිනයේ දී තරගය නියමිත පරිදි පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

නමුත් අද තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට මිනිත්තු 20කට පෙර දකුණු අප්‍රිකා සහ එංගලන්ත ක්‍රිකට් ආයතන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ තරගයේ ආරම්භක වේලාව ප්‍රමාද කිරීමට සිදුව ඇති බවයි.

ඊට හේතු වූයේ ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවණය වීමයි.

ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයින් යළිත් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට ඊයේ පස්වරුවේ පියවර ගෙන තිබුණා.

එහි ප්‍රතිපලවලට අනුව එංගලන්ත සංචිතයේ දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට “තහවුරු නොකළ” හදුනා ගැනීමක් සිදු කර ඇති බව සදහන්.

ඒ බව නිවේදනය කරමින් දෙරටේ ක්‍රිකට් ආයතන යළිත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පළමු තරගය අත්හැර දැමීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ක්‍රීඩකයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව දෙරට අතර පැවැත්විමට නියමිත දෙවන සහ තෙවන එක්දින තරග පැවැත්වීම පිළිබද අවසන් තීරණය ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...