ජඩේජා තරගාවලියෙන් ඉවත් කෙරේ

Date:

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන හා තෙවන 20යි 20 තරග අහිමි වී තිබෙනවා.

ඒ, පළමු 20යි 20 තරගයේ දී ඔහුගේ හිස් ආවරණයේ පන්දුවක් වැදීමෙන් සිදු වූ අනතුර හේතුවෙන්.

ඔහු වෙනුවට ශර්දුල් තාකූර් ඉන්දීය 20යි 20 සංචිතයට නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඊයේ පැවැති තරගයේ ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාරයේ දී රවීන්ද්‍ර ජඩේජා මෙම අනතුරට මුහුණ දුන්නා.

ඔහු මෙම තරගයේ දී පන්දු 23කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 44ක්.

අනතුර හේතුවෙන් තරගයේ දෙවන ඉනිමේ දී (ඔස්ට්‍රේලියානු ඉනිමේ දී) කණ්ඩායමේ වෙනස්කමක් ද සිදු කෙරුණු අතර, ඒ අනුව ජඩේජා වෙනුවට යුස්වේන්ද්‍ර චහෙල් කණ්ඩායමට ආදේශ කිරීමටයි පියවර ගත්තේ.

තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ යුස්වේන්ද්‍ර චහෙල්.

මෙම අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ඉන්දීය ක්‍රිකට් ආයතනය තහවුරු කර සිටියේ රවීන්ද්‍ර ජඩේජා හිස ආශ්‍රිත ආබාධ තත්ත්වයකට ගොදුරු වී ඇති බවයි. (අනතුරෙහි දර්ශන පහතින්)

අනතුර සිදුවීමට පෙර ඔහු පාදයේ ආබාධයකට ද ගොදුරු සිටිනු දැකගන්නට ලැබුණා.

අයි.සී.සීය මෑතකදී හදුන්වා දුන් මෙම නව ආදේශ කිරීමේ නීති ප්‍රකාරව මෙවැනි අවස්ථාවක ක්‍රීඩක ආදේශ කිරීමක් ක්‍රීඩකයින් 11 දෙනාගේ අවසන් කණ්ඩායම වෙනුවෙන් සිදු කිරීමට තරග තීරකවරයාගේ අනුමැතිය අවශ්‍ය වනවා.

එම ආදේශ කිරීමට ලක් වන ක්‍රීඩකයා ආබාධයට ලක් වූ ක්‍රීඩකයාගේ කාර්ය භාරයට සමාන කාර්යයක් කණ්ඩායම තුළ සිදු කරන අයෙකු ද විය යුතුයි.

එනම්, පිතිකරුවෙකු ආදේශ කළ හැකි වන්නේ තවත් පිතිකරුවෙකු වෙනුවෙන් වන අතර, පන්දු යවන්නෙකු පිතිකරුවෙකු වෙනුවෙන් ආදේශ කළ නොහැකියි.

පිතිකරුවෙකු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ආදේශ කළහොත් ආදේශ කිරීමට ලක් වූ තුන් ඉරියව් ක්‍රීඩකයාට පන්දු යැවීමේ අවස්ථාව ලබා නොදීමේ බලතල ද තරග තීරකවරයා සතු වනවා.

රවීන්ද්‍ර ජඩේජා ඉන්දීය පන්දු යැවීමේ බලඇණියද ශකතිමත් කරන ක්‍රීඩකයෙකු වන බැවින් ඔහු වෙනුවට යුස්වේන්ද්‍ර චහෙල් ආදේශ කිරීමට ඊයේ තරගයේ දී ඉන්දීය කණ්ඩායම ගත් තීරණයට තරග තීරක ඩෙවිඩ් බූන් අවසර ලබා දී තිබුණා.

කෙසේ වෙතත්, එම තීරණයට ඔස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් දැඩි ලෙස අප්‍රසාදය පල කරනු දැකගන්නට ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...