දඹුල්ල අවසන් පූර්ව වටයට – ගාල්ල පස් වන පරාජයත් ලබයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව ලැබූ පස්වන පරාජයත් වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අද (5) සිදු වුණා.

ඒ, දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමග පැවැති මෙවර තරගාවලියේ 12 වන තරගයෙන් ලකුණු 9ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙන්.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 207ක් ලබා ගත්තා.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 110ක සබතාවයක් ගොඩ නැගුවා.

දික්වැල්ල ලකුණු 60ක් රැස් කළේ පන්දු 37කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින්.

උපුල් තරංග ලකුණු 77(54)ක් (6×1, 4×11) රැස් කළ අතර, නායක දසුන් ශානක පන්දු 21කින් ලකුණු 37ක් (6×3, 4×2) ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් කඩුලු 2ක් බිද හෙලූ අතර, අසිත ප්‍රනාන්දු සහ ලක්ෂාන් සදකැන් අතරේ එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක පන්දු 52කින් ලකුණු 78ක් රැස් කළ අතර, අසාම් ඛාන් පන්දු 24කින් වේගවත් ලකුණු 55ක් ලබා ගත්තා.

අසාම් ඛාන්ගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 94ක්.

පන්දු යැවීමේ දී අන්වර් අලී ලකුණු 37කට කඩුලු 3ක් බිද හෙලමින් තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තා.

මෙම ජයග්‍රහනයත් සමග දඹුල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ යළි දෙවන ස්ථානය හිමි කර ගැනීම ද විශේෂත්වයක්.

එමෙන්ම දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මේ වන විටත් අවසන් පූර්ව වටයේ ස්ථාන වෙන් කර ගෙන අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...