චහෙල් ඉතිහාසය වෙනස් කරයි – ඉන්දියාවට ලකුණු 11ක ජයක්

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 11 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

කැන්බරාහි මැනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තා.

කේ.එල් රාහුල් ලකුණු 51ක් ලබා ගත් අතර, ඉන්දියාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය රවීන්ද්‍ර ජඩේජා පන්දු 23කින් නොදැවී ලකුණු 44ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොයිසස් හෙන්රික්ස් ලකුණු 22කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150ක් පමණයි.

නායක ආරෝන් ෆින්ච් ලකුණු 35ක්, ඩර්සි ශෝර්ට් ලකුණු 34ක් සහ මොයිසස් හෙන්රික්ස් ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ටී.නටරාජන් සහ යුස්වේන්ද්‍ර චහෙල් කඩුලු 3 බැගින් බිද හෙලීමට සමත් වුණා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ යුස්වේන්ද්‍ර චහෙල්.

ඔහු මෙම තරගය සදහා පළමුව නම් කෙරුණු 11 දෙනාගේ කණ්ඩායමට ඇතුළත්ව නොසිටි අතර, ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාරයේ දී රවීන්ද්‍ර ජඩේජාගේ හිස් ආවරණයේ පන්දුවක් වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් දෙවන ඉනිමෙන් ඔහුව ඉවත් කිරීමට ඉන්දීය බළධාරීන් කටයුතු කළා.

ALSO READ : ජඩේජා තරගයෙන් ඉවතට – ඉන්දියාවට පළමු තරගයේ දී ක්‍රීඩකයින් 12ක්

ඒ අනුව ඔහු වෙනුවටයි යුස්වේන්ද්‍ර චහෙල් ඔස්ට්‍රේලියානු ඉනිමේ දී ඉන්දීය කණ්ඩායම සදහා ඇතුළත් කෙරුණේ.

එවැනි ආදේශ කිරීමකට ලක් වූ ක්‍රීඩකයෙකු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...